සුහද සංචාරයක් මෙන්ම සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS Taimur’, ‘PNS Aslat’ යන නෞකා දෙක සහ ‘PNS/M Hangor’ සබ්මැරීනය 2026 ජුනි මස 01 වැනිදා කොළඹ වරායට පැමිණ තිබේ. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව එම නෞකා සහ සබ්මැරීනය උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
මෙලෙස පැමිණි ‘PNS Taimur’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් Niamat Saeed Khan ද, ‘PNS Aslat’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් Nadir Mateen Afridi ද කටයුතු කරන අතර, ‘PNS/M Hangor’ සබ්මැරීනයේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් Uzair Farooq කටයුතු කරනු ලබයි.
දිවයිනේ රැඳී සිටින කාලය තුළ මෙම නෞකාවන්ගේ සහ සබ්මැරීනයේ කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට සැලසුම් කර ඇත. එමෙන්ම, මෙම සංචාරය අවසානයේ ඔවුන් බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවන් සමඟ එක්ව ඒකාබද්ධ නාවික අභ්‍යාසයක (PASSEX) නිරත වීමට ද නියමිතව තිබේ.
















