මැදපෙරදිග කලාපයේ දේශපාලන ස්ථාවරත්වය සහ ගෝලීය නාවික ගමනාගමනය සෘජු යුදමය වාතාවරණයකට ඇද දමමින්, ඉරානය වෙත ගමන් කරමින් තිබූ තෙල් ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු හමුදාව විසින් ද්වේෂසහගත හෙල්ෆයර් (Hellfire) මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව දැඩි ලෙස ක්‍රියාත්මක කර ඇති නාවික අවහිර කිරීමේ මිලිටරි මෙහෙයුමක තීරණාත්මක කොටසක් ලෙස මෙම ප්‍රහාරය දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සනාථ කරයි. අතිශය උණුසුම් මුහුදු තීරයක සිදුවූ මෙම ප්‍රහාරය හුදු කලාපීය ගැටුමකට එහා ගිය, සමස්ත ලෝකයේම බලශක්ති සුරක්ෂිතතාවයට සහ අන්තර්ජාතික වෙළඳ සබඳතාවලට මාරාන්තික තර්ජනයක් එල්ල කරන්නක් බවට පත්ව ඇත.
ඇමරිකානු මධ්‍යම විධානය (CENTCOM) විසින් නිල වශයෙන් නිකුත් කරන ලද වීඩියෝ දර්ශන මඟින් අනාවරණය වන්නේ බොට්ස්වානා රාජ්‍යයේ ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ මෙම බන්ධනගත නෞකාවේ එන්ජින් කාමරය ඉලක්ක කර ගනිමින් මෙම විනාශකාරී මිසයිල ප්‍රහාරය එල්ල කර ඇති ආකාරයයි. ඉකුත් අප්‍රේල් 13 වැනිදා සිට ඉරානය.
















