කෙහෙළිය රඹුක්වැල්ල මහතා බන්ධනාගාර බසයේ ගමන් කරනු දැකීම සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රක්ෂිත බන්ධනාගාරගත වීම සම්බන්ධයෙන් මාලිමාවට ඡන්දය ලබා දුන් ජනතාව විශාල සතුටකින් පසුවන බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා පවසයි.
මහජන මුදල් අවභාවිත වීම වැළැක්වීම සහ අමාත්‍ය මණ්ඩලය 25කට සීමා කිරීම සම්බන්ධයෙන් ජනතාව මහත් සතුටට පත්ව සිටී. මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදුකළැයි පැවසෙන වංචා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳවද ජනතාව සතුට පළ කරයි. පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කිරීම සම්බන්ධයෙන් රජය දරන උත්සාහය ජනතාවගේ සතුටට හේතු වී ඇත.
















