අප්‍රේල් සහ මැයි යන මාසවල රාජ්‍ය සේවකයින් සඳහා නිකුත් කරන වාර ප්‍රවේශ පත්‍ර නිසි පරිදි නිකුත් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 10කට අධික පාඩුවක් සිදුව ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.අතිකාල ගැටළුවක් මුල් කරගනිමින් රාජ්‍ය සේවකයින් සඳහා සහනදායී ලෙස ලබාදෙන වාර ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ප්‍රමාද වී ඇත. දුම්රිය ස්ථානවල මසක පළමුවැනිදා සිට 10 වැනිදා දක්වා පමණක් ප්‍රවේශ පත්‍ර නිකුත් කෙරෙන නමුත්, මෙම ප්‍රමාදය හේතුවෙන් අප්‍රේල් මාසයේදී දුම්රිය දෙපාර්තමේන්තුව යම් අපහසුතාවයකට ලක්ව ඇත. මැයි මාසයේදී ප්‍රවේශ පත්‍ර වලංගු කාලය අවස්ථා කිහිපයකදී දීර්ඝ කිරීමට සිදුවීම සහ එමගින් රාජ්‍ය සේවකයින්ට ඉතා සීමිත දින ගණනක් දුම්රියෙන් ගමන් කිරීමට ලැබීම නිසා බොහෝ ප්‍රවේශ පත්‍ර අවලංගු කිරීමට සිදුව ඇත. මෙම තත්ත්වය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 10කට අධික පාඩුවක් සිදුව ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පවසයි.
















