මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව ගොනු කර ඇති කුමන්ත්‍රණ චෝදනාව පවත්වාගෙන යා හැකි බවට කොළඹ මහාධිකරණය විසින් ලබා දී ඇති නියෝගයක් බලරහිත කරන ලෙස ඉල්ලා යෝෂිත රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර ලබා දී තිබේ.
අදාළ පෙත්සම සම්බන්ධයෙන් අද (03) අභියාචනාධිකරණය හමුවේ දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව, එම පෙත්සම විභාග කිරීම සඳහා ජුනි මස 16 වනදා කැඳවීමට අධිකරණය දින නියම කර ඇත. පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම්කාර යෝෂිත රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
















