ගෝලීය දේශගුණික විපර්යාස සහ පරිසර දූෂණය හේතුවෙන් මෙරට මෙන්ම සමස්ත ලෝක ප්‍රජාවද මුහුණ දී ඇති දරුණු පාරිසරික අනාරක්ෂිතභාවය නිමා කිරීම උදෙසා, ශ්‍රී ලංකාව මෙතෙක් තැබූ දැවැන්තම සහ තීරණාත්මකම පියවර හම්බන්තොට කලාපය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාවට නැංවෙමින් පවතී . සාම්ප්‍රදායික ෆොසිල ඉන්ධන දහනය හේතුවෙන් වායුගෝලයට මුදාහැරෙන හරිතාගාර වායු ප්‍රමාණය අවම කරමින්, ගෝලීය පාරිසරික සමතුලිතතාව ආරක්ෂා කිරීම උදෙසා මෙරට දායකත්වය උපරිම මට්ටමකින් සපයනු ලබන්නේ මෙම ව්‍යාපෘතිය හරහාය . මින් ජාත්‍යන්තර තලයේ ශ්‍රී ලංකාවේ කීර්තිනාමය ඉහළ නංවනවා මෙන්ම, දේශීය වශයෙන් පාරිභෝගික ජනතාවට වඩාත් පිරිසිදු සහ තිරසාර බලශක්ති අනාගතයක් උරුම කරදීමේ ජාතික අරමුණද සාක්ෂාත් වේ .
විද්‍යාත්මක දත්ත සනාථ කරන පරිදි, මිල අධික මෙන්ම පරිසරය දැඩි ලෙස දූෂණය කරන ෆොසිල ඉන්ධන වෙනුවට මෙම සූර්ය බලශක්ති උද්‍යානය ආදේශ කිරීම හරහා වාර්ෂිකව කාබන්ඩයොක්සයිඩ් ටොන් 225,000 ක් වැනි අතිදැවැන්ත ප්‍රමාණයක් වායුගෝලයට එකතු වීම සෘජුවම වළක්වාලනු ඇත . ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කිරීමෙන් අනතුරුව, වඩාත් විනිවිදභාවයකින් යුතු නව නියාමන රාමුවක් යටතේ මෙරට ක්‍රියාත්මක වන ප්‍රථම ව්‍යාපෘතිය ලෙස මෙය ඉතිහාසයට එක්වේ .චරණ කුමාරණතුංග, දුලංගා කුමාරණතුංග, මධුසංඛ ප්‍රනාන්දු, ලියු කායි, බන්දුල විතානආරච්චි සහ ඩේවිස් ඩි රොස් වැනි ප්‍රමුඛ දේශීය හා විදේශීය ආයෝජන නායකත්වයන් සමඟ Southern Nexus, DHCE සහ GTC සමාගම් ඒකාබද්ධව මෙම ජාතික මෙහෙයුම ඉදිරියට ගෙන යනු ලබයි .
මෙම හරිත බලශක්ති පරිවර්තනයත් සමඟ ඉදිරි දශක කිහිපය තුළ මෙරට බලශක්ති අවශ්‍යතාව සපුරාලන අතරම, ගෝලීය පාරිසරික ප්‍රමිතීන් ආරක්ෂා කිරීමේ ද්විත්ව අරමුණ සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාවට පූර්ණ අවස්ථාව උදාවේ . මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරමින් පාරිභෝගික සහ ආයෝජක විශ්වාසය තහවුරු කිරීමට මෙම පියවර සමත්වී තිබේ . අනාගත පරපුර උදෙසා වඩාත් පිරිසිදු, විනිවිදභාවයෙන් යුතු මෙන්ම වගකීම්සහගත කාර්මික වටපිටාවක් නිර්මාණය කිරීමේදී, දේශීය හා විදේශීය ආයෝජන නිසි පරිදි ඒකාබද්ධ කෙරෙන මෙම සාමූහික ජාතික මෙහෙයුම සුවිශේෂී සන්ධිස්ථානයක් වනු නොඅනුමානය .
















