ඉරාන මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් ගුවන් ගමන් අත්හිටුවා තිබූ කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ 4 වැනි පර්යන්තයේ (Terminal 4) සීමිත ගුවන් ගමන් කටයුතු මේ වන විට නැවත ආරම්භ කර ඇත. හානි ඇගයීම් කටයුතු අවසන් කර, මෙහෙයුම් කටයුතුවල ආරක්ෂාව තහවුරු කිරීමෙන් අනතුරුව බලධාරීන් විසින් මෙම පර්යන්තය යළි විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
විදේශ මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම ප්‍රහාර මාලාවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයන් 63 දෙනෙකු තුවාල ලබා ඇත.
















