හම්බන්තොට සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන බස් රථයක් දඩල්ල ප්‍රදේශයේදී අද දින දරුණු අනතුරකට ලක්ව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 20 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇති බව වාර්තා වේ. අනතුරින් සිදු වූ හානි හෝ තුවාල ලැබූවන් පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
















