ඉරට්ටපෙරියකුලම වැව ආසන්නයේදී සිසුන් දෙදෙනෙකුට තවත් සිසුන් පිරිසක් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියකට සම්බන්ධ 14ත් 17ත් අතර වයසේ පසුවන පාසල් සිසුන් හත් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පහරදීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් හරහා ලද තොරතුරු මත විමර්ශන ආරම්භ කෙරිණි. වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකාර සිසුන් ලබන 10 වැනි දින දක්වා කැබිතිගොල්ලෑව පරිවාස භාරයට පත් කිරීමට නියෝග කර ඇත. පහරකෑමට ලක්වූ සිසුන් දෙදෙනා වව්නියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
















