ඉරානය සහ මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී වාතාවරණය මධ්‍යයේ, දෙරට අතර සිදුවන රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවල යම් ප්‍රගතියක් දක්නට ලැබෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, කලාපීය සාමය සහ දේශපාලන ස්ථාවරත්වය උදෙසා ගනු ලබන උත්සාහයන්ගේ කොටසක් ලෙස ඉරානයේ නව නායකත්වයේ වගකීම් දරන මොජ්තාබා කමේනි මහතා සමඟ අනාගතයේදී පෞද්ගලික හමුවක් පැවැත්වීමේ හැකියාවක් පවතින බවයි. දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික පරතරය අඩු කර ගැනීමට මෙම හමුව මූලික පියවරක් වනු ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන්ගේ මතයයි.
ඉරානය සහ අමෙරිකාව අතර පවතින ගැටුම්කාරී තත්ත්වය සමනය කර ගැනීම සඳහා මෙම හමුවීම ඉතා වැදගත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















