මිහින්තලේ පොලිසිය විසින් ඊයේ (03) සවස අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු අද (04) අලුයම පොලිස් සිරකුටියෙන් පළාගොස් තිබේ. අත්අඩංගුවේ සිටි සැකකරුවන් 29 සහ 30 හැවිරිදි වියේ පසුවන මිහින්තලේ අඹතලාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද දිනයේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියදී, අලුයම කාලයේ සිරකුටියේ අගුල ගලවා ඔවුන් පළාගොස් ඇති බව වාර්තා වේ. පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර තිබේ.
















