විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සිය දැඩි විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
මෙවැනි ව්‍යවස්ථා සංශෝධනයක් මගින් අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බව නීතිඥ සංගමය පෙන්වා දෙයි. අධිකරණ පද්ධතියේ විශ්වාසනීයත්වය සහ අඛණ්ඩතාව සුරැකීම වෙනුවෙන් දැනට පවතින විශ්‍රාම වයස කිසිදු වෙනසකින් තොරව පවත්වා ගන්නා ලෙස එම සංගමය රජයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.
















