කුරුණෑගල ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකු ලෙස කටයුතු කළ හිමිනමක්, එම පාසලේම පිරිමි සිසුන් පිරිසකට ලිංගික අපයෝජනය සිදු කළ බවට එල්ල වූ චෝදනා මත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සිසුන්ගේ පාර්ශවයෙන් ලැබුණු පැමිණිලි මත පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර සැකකාර හිමිනම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















