නුගේගොඩ නගරයේ පිහිටි ප්‍රසිද්ධ පොත් අලෙවි සැලක අද අලුයම හදිසි ගින්නක් හටගෙන තිබේ.
ගින්න නිවීමට ගිනි නිවන රථ කිහිපයක් යොදවා තිබූ අතර, ගින්න හේතුවෙන් පොත් සහ අනෙකුත් දේපළවලට විශාල හානි සිදුව ඇති බව වාර්තා වේ. ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, නුගේගොඩ පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.
















