වෙසක් පොහෝ දිනයේ සහ ඊට පසු දින ජනතාව වන්දනා ගමන්වල නිරත වූ අවස්ථාවේදී බලන්ගොඩ සහ පින්නවල ප්‍රදේශවල නිවාසවලින් ගම්මිරිස් සොරා ගැනීමේ සිද්ධි රැසක් පොලිසියට වාර්තා වී තිබේ. මෙවැනි සොරකමක යෙදුණු පුද්ගලයෙකු හිමිකරුට හසු වූ අවස්ථාවේදී ඔහු හඬා වැටෙමින් ප්‍රකාශ කර ඇත්තේ, තම දරුවන් තොරණ බැලීමට යාමට දැඩි ලෙස ඇවිටිලි කළ බැවින් ඊට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා මෙම සොරකම සිදු කළ බවයි.
අදාළ පුද්ගලයාගෙන් එම සිද්ධිය කාටවත් පවසන්න එපා යැයි ඉල්ලා ඇත. එහිදී සොරකම් කිරීම විශාල වරදක් බව හිමිකරු විසින් ඔහුට පෙන්වා දී තිබේ. පසුව අදාළ පුද්ගලයාට රුපියල් දහසක මුදලක් ලබා දී ඔහුව මුදා හැර ඇති බව අනාවරණය විය.
















