තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම අනතුරු ඇඟවීම අද (ජූනි 04) පෙරවරු 10.30 සිට හෙට (ජූනි 05) පෙරවරු 10.30 දක්වා වලංගු වේ.
මුලතිව් සිට කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් දක්වා වැඩි විය හැකිය. එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස දැනුම් දෙනු ලැබේ.
















