දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (03) දින සිය සහතිකය සටහන් කර තිබේ. මෙම පනත් කෙටුම්පත පසුගිය මැයි 19 වන දින සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය.
2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම මගින් බදු පරිපාලන ක්‍රියාවලීන් නවීකරණය කිරීම සහ බදු පදනම පුළුල් කිරීම අපේක්ෂා කෙරේ. මෙම නව නීතිමය රාමුව යටතේ ඉදිරියේදී සුවිශේෂී මූල්‍ය ගනුදෙනු සිදු කිරීමේදී පුද්ගල හඳුනාගැනීමේ බදු අංකය (TIN) අනිවාර්ය කර ඇත.
















