වර්තමාන මූල්‍ය ප්‍රතිපත්තිය සහ ඒ හා සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංවිධානය කර තිබේ. මෙම වැඩසටහන පැවැත්වෙන්නේ කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුවය.මෙම වැඩසටහන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා සහ එහි නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ. එය මේ මස 10 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. මීට අදාළ වැඩසටහන සඳහා පසුගිය ජුනි 01 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.
















