ඉතාලි නිදහස් දිනය වෙනුවෙන් ඉතාලි තානාපති කාර්යාලය විසින් පසුගිය ජූනි 02 වැනිදා සංවිධානය කර තිබූ උත්සවයකදී ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සහ හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබේ. ශ්‍රී ලංකාවේ බදු බර ඉහළ යාමට සහ ඩොලරයේ අගය ඉහළ යාමට හේතුවක් ලෙස ඩඩ්ලි සිරිසේන මහතා රෝල්ස් රොයිස් රථයක් ආනයනය කිරීම පෙන්වා දීමට ජී.එල්. පීරිස් මහතා කටයුතු කිරීම මෙම සිදුවීමට මුල් වී ඇත.
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කළ ඩඩ්ලි සිරිසේන මහතා, තමන් තමන්ගේ මහන්සියෙන් ව්‍යාපාර කර, රජයට ගෙවිය යුතු සියලු බදු නිසි ලෙස ගෙවා නීත්‍යනුකූලව මෙම රථය ආනයනය කළ බව අවධාරණය කළේය. දේශපාලන පසුබිමක් තුළ කොමිස් මුදල් හෝ පර්මිට් හරහා නොව, ව්‍යාපාරික කටයුතු හරහා උපයාගත් මුදලින් මෙය සිදුකළ බවත්, තම ජයග්‍රහණ සම්බන්ධයෙන් පවතින ඉරිසියාව මෙම ප්‍රකාශයට හේතු වී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. දෙදෙනා අතර ඇතිවූ මෙම වාද විවාදයේදී සිදුවීමට ගිය ගුටි බැට හුවමාරුවක් එම ස්ථානයේ සිටි පිරිස් මැදිහත්වී වළක්වා ගැනීමට කටයුතු කර තිබේ.
















