මැදිරිගිරිය විවිධ සේවා සමූපකාර සමිතිය මගින් ඉදි කරන ලද නව ග්‍රාමීය බැංකුව සහ කෝප් සිටි අලෙවිසැල කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. වඩාත් කාර්යක්ෂම සේවාවක් ජනතාවට ලබා දීමේ අරමුණින් ඉදිකළ මෙම ගොඩනැගිල්ල සඳහා සමූපකාර සමිතියේ ශුද්ධ ලාභයෙන් රුපියල් තුන්කෝටි විසි ලක්ෂයක (රු. 32,000,000) මුදලක් වැය කර ඇත. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් රත්නසිරි සහ පත්මසිරි බණ්ඩාර යන මහත්වරුන් ද සහභාගී වූහ.
මේ අතර, මොණරාගල දිස්ත්‍රික්කයේ වැව් ආශ්‍රිතව මිරිදිය මත්ස්‍ය වගාව ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ද දියත් කෙරිණි. රුපියල් ලක්ෂ එකසිය විසි තුනක (රු. 12,300,000) වියදමින් සිදු කරන මෙම වැඩසටහන යටතේ වැල්ලවාය බුදුරුවගල වැවට මිරිදිය මත්ස්‍ය පැටවුන් එක් කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී චතුරි ගංගානි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
















