ඇමරිකා එක්සත් ජනපදය, මෙක්සිකෝව සහ කැනඩාව යන රටවල සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන 23 වන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ලබන 11 වන දින ආරම්භ වීමට නියමිතව තිබේ. රටවල් 48ක සහභාගීත්වයෙන් අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වෙන මෙම තරගාවලිය පිළිබඳව මේ වන විට ආන්දෝලනාත්මක තීරණයක් වාර්තා වේ.
එම තීරණයට අනුව, තරග නැරඹීමට ක්‍රීඩාංගණ වෙත පැමිණෙන රසිකයින්ට ජල බෝතල් රැගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇතැයි තරගාවලි සංවිධායකයින් දැනුම් දී තිබේ. ආරක්ෂක සහ පාලන හේතූන් මත මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
තරගාවලියට පැමිණෙන ප්‍රේක්ෂකයින්ට ජලය ලබා ගැනීම සඳහා විකල්ප වැඩපිළිවෙළක් සංවිධායකයින් විසින් ක්‍රියාත්මක කරන්නේද යන්න පිළිබඳව තවමත් නිල තොරතුරු වාර්තා වී නොමැති අතර, මෙම තීරණය බොහෝ පාපන්දු ලෝලීන්ගේ විවේචනයට ලක්ව ඇති බවද සඳහන් වේ.
















