පිටකොටුව, හෙට්ටිවීදියේ රන් භාණ්ඩ ව්‍යාපාරිකයන් පවසන්නේ මෙරට ක්‍රියාත්මක අධික වැට් බදු ප්‍රතිපත්තිය හේතුවෙන් දේශීය ස්වර්ණාභරණ ක්ෂේත්‍රය සියයට 75 කින් පමණ දැඩි පසුබෑමකට ලක්ව ඇති බවයි.
ඔවුන් පෙන්වා දෙන පරිදි, වත්මන් බදු ක්‍රමවේදය යටතේ රන් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා වන පිරිවැය සහ ශ්‍රමිකයන්ගේ වැඩ කුලී මත සියයට 18 ක වැට් බද්දක් අය කෙරේ. මෙම බදු ක්‍රමය නිසා වෙළෙඳපොළ තුළ රන් පවුමක අවසාන මිල ඉහළ යාමත් සමඟ පාරිභෝගිකයන් රන් භාණ්ඩ මිලදී ගැනීමෙන් ඈත් වී ඇත.
මෙම අර්බුදය හමුවේ ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නිරත දහස් ගණනකගේ ජීවනෝපායන් අවදානමට ලක්ව ඇති බව ව්‍යාපාරිකයෝ පවසති. එබැවින්, ජනතාවට සහනදායී මිලකට රන් භාණ්ඩ ලබා දීමටත්, කඩාවැටෙමින් පවතින මෙම කර්මාන්තය ආරක්ෂා කර ගැනීමටත් වහාම මැදිහත් වී වැට් බදු ප්‍රතිපත්තියේ යම් සංශෝධනයක් හෝ සහනයක් ලබා දෙන ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
















