මෙරට ප්‍රමුඛතම ඩිජිටල් විනෝදාස්වාද සේවාවක් වන SLT-MOBITEL PEOTV, ජාත්‍යන්තර පාපන්දු සංගමය (FIFA) සමඟ ගිවිසුමකට එළඹෙමින් 2026 FIFA ලෝක පාපන්දු කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාව තුළ විකාශය කිරීමේ නිල මාධ්‍ය අයිතිය ලබාගෙන ඇත. ඒ අනුව 2026 ජූනි 12 වන දින සිට ජූලි 20 වන දින දක්වා කැනඩාව, මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදයේදී රටවල් 48 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන සියලුම තරග 104 ම PEOTV, PEO MOBILE සහ එහි ඩිජිටල් සේවාවන් ඔස්සේ සජීවීව True HD තාක්ෂණයෙන් නැරඹීමට ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව හිමි වේ.
















