විමල් වීරවංශ මහතා අමාත්‍ය ධුරය දැරූ සමයේ ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ ප්‍රසාද් මංජු මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ (FCID) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කරන්නේ විමල් වීරවංශ මහතා අමාත්‍යවරයාව සිටි වකවානුවේදී රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන සහ ඉන්ධන අවභාවිත කළ බවට ලැබී තිබූ පැමිණිල්ලකට අදාළව සිදුකළ විමර්ශනවලින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.
















