පොතුවිල් – පානම මාර්ගයේ පසරච්චේන ප්‍රදේශයේදී පැදිකරුට පාලනය කරගත නොහැකි වූ යතුරුපැදියක්, මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පිරිමි දරුවෙකුගේ ගැටීමෙන් සිදු වූ අනතුරකින් එම දරුවා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (05) දහවල් කාලයේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පිරිමි දරුවා සහ යතුරුපැදිකරු වහාම පොතුවිල් රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ අතර, එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී දරුවා මියගොස් ඇත. මෙලෙස අකාලයේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 08යි මාස 10ක් වයසැති පොතුවිල් ප්‍රදේශයේම පදිංචිව සිටි දරුවෙකි. අනතුර සම්බන්ධයෙන් පොතුවිල් පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
















