රජය විසින් ‘ධර්මාධිකරණයක්’ පිහිටුවීමට දරන උත්සාහය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, ව්‍යවස්ථාවට අනුව බලය පවතින්නේ ‘සංඝාධිකරණයකට’ පමණක් බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. හිටපු මැති ඇමතිවරුන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකදී ඔහු පෙන්වා දුන්නේ, මෙවැනි ධර්මාධිකරණයක් පිහිටුවීමට කටයුතු කළහොත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රියා කරනු ඇති බවයි. හිටපු ඇමති විජේදාස රාජපක්ෂ මහතා මීට පෙර කෙටුම්පතක් සකස් කළේ ද සංඝාධිකරණයක් සඳහා මිස ධර්මාධිකරණයක් සඳහා නොවන බව ද ඔහු සිහිපත් කළේය.
මහා නායක හිමිවරුන්ගේ ඉල්ලීම මත මෙය සිදුකරන බව රජය පැවසුව ද, කාරක සංඝ සභාවල නාහිමිවරුන් එවැනි විනය ප්‍රශ්න සාකච්ඡා නොකළ බව පවසා ඇතැයි ද, රජයේ සංකල්ප පත්‍රිකාවක් තමන්ට පිළිගන්නා ලෙස දන්වා ඇති බව නාහිමිවරුන් ප්‍රකාශ කර ඇතැයි ද මෙහිදී අනාවරණය විය. චෝදනා පත්‍රයක්වත් නැතිව පල්ලේගම හිමියන් තනතුරුවලින් ඉවත් කිරීම ද මෙහිදී විවේචනයට ලක් විය.
වර්තමාන පාලකයන් බුදුදහම පිළිබඳ කිසිදු වැටහීමක් නොමැතිව කටයුතු කරන බවත්, ඔවුන්ගේ සැබෑ අරමුණ ආගමික කටයුතු රජයේ පාලනයට නතු කර ගැනීම බවත් රනිල් වික්‍රමසිංහ මහතා කනගාටුවෙන් යුතුව ප්‍රකාශ කළේය. එසේම රට තුළ වෙසක් සිරියක් නොතිබුණු බවත්, සිංහල අවුරුද්ද මෙන්ම වෙසක් උත්සවය ද ජනතාවට අහිමි කළ රජය ඉදිරි පොසොන් උත්සවයට කුමක් කරයිදැයි බියක් පවතින බවත් සාකච්ඡාවට එක්වූ පිරිස පෙන්වා දුන්හ.
















