ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වැනි ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගය හෙට, එනම් ජුනි 07 වැනිදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම විභාගයට අදාළ ප්‍රවේශ පත්‍ර මේ වන විටත් විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වෙත මුදා හැර ඇති බැවින්, අයදුම්කරුවන්ට සිය ප්‍රවේශ පත්‍ර වෙබ් අඩවියෙන් බාගත කරගත හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
















