ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාවේ ද අතිශය ජනප්‍රියත්වයට පත් වූ බ්‍රිතාන්‍යයේ ‘මර්ලින්’ (Merlin) රූපවාහිනී කතා මාලාවේ, ආතර් කුමරුගේ පියා වූ ‘උදර් පෙන්ඩ්‍රැගන්’ (King Uther Pendragon) රජුගේ චරිතයට අමරණීය පණ පෙවූ ප්‍රවීණ නළු ඇන්තනී හෙඩ් (Anthony Head) අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 72 වැනි වියේ පසුවුණි.
‘මර්ලින්’ කතා මාලාවට අමතරව ‘Buffy the Vampire Slayer’, ‘Ted Lasso’ සහ ‘Little Britain’ ඇතුළු ලොව පුරා ප්‍රසිද්ධියට පත් සම්මානනීය ටෙලි නාට්‍ය සහ චිත්‍රපට රැසක් හරහා ඔහු ප්‍රේක්ෂක ආදරය දිනා ගැනීමට සමත් විය. විශේෂයෙන්ම 1990 දශකයේ අගභාගයේ විකාශය වූ ‘බෆී’ (Buffy) කතා මාලාවේ ‘රූපට් ගයිල්ස්’ (Rupert Giles) ලෙස ඔහු කළ රංගනය ජාත්‍යන්තර කීර්තියක් අත්කරගැනීමට සමත් විය.
කලක සිට රෝගී තත්ත්වයෙන් පසු වූ ඇන්තනී හෙඩ්, නියුමෝනියාව හේතුවෙන් ඇති වූ සංකූලතා මත මියගිය බව ඔහුගේ පවුලේ ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය තහවුරු කර තිබේ. දියණියන් දෙදෙනෙකුගේ පියෙකු වූ ඔහුගේ අභාවය වෙනුවෙන් ලොව පුරා කලාකරුවන් සහ රසිකයින් සිය ශෝකය පළ කරමින් සිටියි.
















