සහරා කාන්තාරය හරහා ගමන් කරමින් තිබූ බරවාහන ට්‍රක් රථයක් දරුණු කාර්මික දෝෂයකට ලක්වී අතරමං වීම හේතුවෙන් එහි ගමන් ගත් මගීන් 49 දෙනෙකු දැඩි පිපාසය සහ අධික උණුසුම දරාගත නොහැකිව අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
දින ගණනාවක් තිස්සේ පාළු කාන්තාරයේ අතරමංව තිබූ මෙම වාහනයේ ගමන් ගත් පිරිස මෙලෙස මියගොස් ඇති අතර, ඔවුන්ගේ දේහයන් කාන්තාරයේ වැලි අතර තිබී ඊයේ දිනයේදී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සහරා කාන්තාරයේ පවතින අතිශය දුෂ්කර කාලගුණික තත්ත්වයන් සහ ජනාවාස නොමැති වීම මෙම පිරිසගේ ජීවිත බේරා ගැනීමට බාධාවක් වී ඇති බව පැවසේ.
















