දිවයින පුරා පවතින අහිතකර කාලගුණික තත්ත්වය සහ පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් කැලණි ගඟ, කළු ගඟ සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එල්. එස්. සූරියබණ්ඩාර මහතා පවසයි.
ගංගා ආශ්‍රිත පහත් බිම්වල ජීවත් වන ජනතාවට සහ එම ගංගා හරහා ගමන් කරන පුද්ගලයින්ට මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ අංශ අනතුරු අඟවයි. ජල මට්ටම තවදුරටත් ඉහළ යා හැකි බැවින්, හදිසි ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් සුරක්ෂිත ස්ථාන වෙත යාමට අවශ්‍ය සූදානමින් සිටින ලෙස එම අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.
















