විස්සයි20 ලෝක කුසලානය ඉන්දියාවට දිනාදුන් නායක සූර්යකුමාර් යාදව්ව ඉදිරියේදී පැවැත්වීමට නියමිත එංගලන්ත සහ අයර්ලන්ත සංචාර සඳහා වන ඉන්දීය විස්සයි20 සංචිතයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.
අද (06) ප්‍රකාශයට පත් කළ මෙම සංචිතයේ නායකයා ලෙස ශ්‍රෙයාස් අයියර් නම් කර ඇත. මෑතකදී නිමාවූ IPL තරගාවලියේදී සූර්යකුමාර් යාදව් දැක්වූ අසාර්ථක දක්ෂතා හේතුවෙන් ඔහුව නායකත්වයෙන් මෙන්ම සංචිතයෙන් ද ඉවත් කිරීමට සිදු වූ බව ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
එමෙන්ම, IPL තරගාවලියේදී කැපීපෙනෙන දක්ෂතා දැක්වූ 15 හැවිරිදි තරුණ ක්‍රීඩක වෛභව් සූර්යවංශිව ද මෙම සංචාරය සඳහා කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.















