හොරණ ප්රදේශයේ රාජ්ය බැංකුවකින් රුපියල් කෝටි තුනහමාරක (රු. 35,000,000) මුදලක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින එම බැංකුවේ සහකාර කළමනාකරු දින හයක් රඳවාගෙන ප්රශ්න කිරීමට හොරණ මහේස්ත්රාත් අධිකරණය පොලිසියට අවසර ලබාදී තිබේ.
මේ අතර, මෙම මහා පරිමාණ මුදල් අතුරුදන් වීමේ සිද්ධියටම අදාළව අත්අඩංගුවට ගත් එම බැංකුවේ ආරක්ෂක නිලධාරියා ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද අධිකරණය නියෝග කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















