වසරකට වැඩි කාලයක් තිස්සේ අත්හිටුවා තිබූ වාහන අංක තහඩු මුද්‍රණය කිරීමේ කටයුතු අද (ජුනි 08) පෙරවරුවේ සිට නිල වශයෙන් යළි ආරම්භ කෙරේ. වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පෙරවරු 10.00 ට මෙය සිදු කිරීමට නියමිත අතර, එම අවස්ථාව සඳහා ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා සහභාගී වීමට නියමිතය.
අංක තහඩු මුද්‍රණය කිරීමේ ටෙන්ඩර් පටිපාටියේ පැවති ගැටලු හේතුවෙන් පසුගිය 2025 වසරේ මැයි මස 16 වැනිදා සිට එම කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබුණි. ඒ අනුව, නව ටෙන්ඩර් ක්‍රියාවලිය යටතේ ‘සවුත් ඒෂියන් ටෙක්නොලොජි’ (South Asian Technology) සමාගම සමඟ පසුගිය මාර්තු 10 වැනිදා ගිවිසුම්ගත වීමෙන් අනතුරුව යළි මුද්‍රණ කටයුතු ආරම්භ කෙරේ.
පවතින වාර්තාවලට අනුව, මෙම කාලය තුළ මුද්‍රණය කර නිකුත් කිරීමට අවශ්‍ය වාහන අංක තහඩු ලක්ෂ 4කට අධික ප්‍රමාණයක් එකතු වී තිබේ. ඉන් යතුරුපැදි සඳහා පමණක් අංක තහඩු ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
















