රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා රැඳවුම් භාරයේ තබා ගැනීමට එරෙහිව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සිය නිල ෆේස්බුක් (Facebook) පිටුව ඔස්සේ “Stand Up for Sallay” තේමාව යටතේ විශේෂ කැඳවීමක් සිදු කර තිබේ.
ඔහු තැබූ කෙටි Facebook සටහන මෙසේය:
“සලේ වෙනුවෙන් නැගී සිටිමු !
Standup for Sallay
‘ස්ටැන්ඩ් අප් ෆෝ සලේ’ (Stand Up for Sallay) තේමාව යටතේ සංවිධානය වූ අඛණ්ඩ සත්‍යග්‍රහ ව්‍යාපාරය කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී ආරම්භ වූ අතර, මේ වන විටත් එය සක්‍රීයව ක්‍රියාත්මක වේ.
දේශහිතෛෂී ඔබත් එන්න ! අපි එක්ව හඬ නගමු !”
අද (08) පෙරවරුවේ මහා සංඝරත්නය සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් කොටුව දුම්රියපොළ ඉදිරිපිට ආරම්භ වූ මෙම අඛණ්ඩ සත්‍යග්‍රහ ව්‍යාපාරයට පොලීසිය විසින් බාධා කර එහි තිබූ තාවකාලික අට්ටාල කඩා ඉවත් කිරීමත් සමඟ ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්ත්වයක් හටගත්තේය. මෙම මර්දනකාරී ක්‍රියාවලිය හමුවේ වුවද සත්‍යග්‍රහය තවදුරටත් සක්‍රීයව ඉදිරියට කරගෙන යන බව පවසමින් විමල් වීරවංශ මහතා රටට හිතැති ජනතාවට ද ඊට එක්වන ලෙස මෙලෙස විවෘතව ආරාධනා කර සිටියි.
















