ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරන්නේ ඉන්ධන පටවාගත් නෞකා දෙකක් හෙට (10) සහ අනිද්දා (11) දිනයන්හිදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි. ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙතිකුමාර මහතා මේ බව මාධ්‍ය වෙත තහවුරු කළේය.
ඒ අනුව, ඔක්ටේන් 95 පෙට්‍රල් ටොන් 7,000 ක් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් ටොන් 29,000 ක් රැගත් පළමු ඉන්ධන නෞකාව හෙට (10) කොළඹ වරායට ළඟා වීමට නියමිතය.
















