රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර මානව හිමිකම් සම්මුතීන්ට පටහැනිව සැලකීම එක්සත් ජාතික පක්ෂය විසින් දැඩි ලෙස හෙළා දැක තිබේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කරන්නේ, සුරේෂ් සලේ මහතාට සලකා ඇති ආකාරය පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් එම ස්ථානයට යැවීම වඩාත් සුදුසු බවයි.
















