රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ මේ දිනවල නිරන්තරයෙන් මාධ්‍ය හමුවේ පෙනී සිටීම, තමන්ට 2020 වසරේ සිදු වූ අත්දැකීමක් සිහිපත් කරවන්නක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් මහතා පවසයි.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත. ඔහු එම සටහනේ වැඩිදුරටත් දක්වා ඇත්තේ, 2020 වසරේ අප්‍රේල් මාසයේදී, එවකට පැවති රජය සමයේ, රාත්‍රී 9.00ට පමණ නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාගේ ගැබිනි බිරිඳගෙන් තමන්ට දුරකථන ඇමතුමක් ලැබුණු බවයි. එම සිදුවීම සහ වත්මන් සිදුවීම අතර පවතින සමානකම් පිළිබඳව ඔහු එහිදී සිය අදහස් පළ කර තිබේ.
















