ශ්‍රී ලංකාවේ සිය රාජ්‍ය තාන්ත්‍රික සේවා කාලය නිමා කර රටින් පිටත්ව යන ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය Satyanjal Pandey මහතා අද (ජූනි 09) ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්‍රාමික) මහතා හමුවිය.
මෙම නිල හමුවේදී දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රශීලී සබඳතා පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා සහ ආචාර්ය Pandey මහතා අදහස් හුවමාරු කර ගත්හ.
සිය ධූර කාලය තුළ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් ආචාර්ය Pandey මහතා දැක්වූ දායකත්වය මෙහිදී ආරක්ෂක ලේකම්වරයාගේ ඇගයීමට ලක් වූ අතර, ඔහුගේ ඉදිරි කටයුතු සාර්ථක වේවායි ආරක්ෂක ලේකම්වරයා සුබ පැතුම් පිරිනැමීය.
















