පාර්ලිමේන්තුව අද (10) පෙරවරු 9.30ට රැස්වීමට නියමිත අතර, දවසේ කාර්යයන් සඳහා වෙන් කර ඇති කාලසටහන පහත පරිදි වේ:
පෙරවරු 9.30 සිට 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇත. පෙරවරු 10.00 සිට 10.30 දක්වා කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහාත්, පෙරවරු 10.30 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාත් වෙන් කර තිබේ.
පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ විදුලි සංදේශ බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වේ. එමෙන්ම, අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ වන යෝජනා සම්මතය ද මෙහිදී විවාදයට ගෙන අනුමත කිරීමට නියමිතය.
අනතුරුව පස්වරු 5.00 සිට 5.30 දක්වා කාලය විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත.
















