ශ්‍රී ලංකා දුම්රිය ආරක්ෂක නිලධාරීන්ගේ සංගමය විසින් අද (10) දින ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ දුම්රිය වැඩවර්ජනය අවලංගු කිරීමට තීරණය කර ඇත. ඒ අනුව, මගී දුම්රිය සේවාවන් අද දින සාමාන්‍ය පරිදි සිදුවන බව සංගමය පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා සහ දුම්රිය ආරක්ෂක නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹිණි. අදාළ මතභේදයට තුඩු දුන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඉදිරි පැය 48ක කාලය තුළ ඒ පිළිබඳ තීරණයක් ලබා දීමට දෙපාර්ශවය එකඟ වී තිබේ.
කෙසේ වෙතත්, මගී ප්‍රවාහන සේවාවන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන ගියද, භාණ්ඩ ප්‍රවාහන දුම්රිය මෙහෙයුම්වලින් පමණක් ඉවත් වීමට එම සංගමය තීරණය කර ඇති බව වාර්තා වේ.
















