කෙත්හේන ජල පවිත්‍රාගාරය වෙත සැපයෙන විදුලි බලය අත්හිටුවීම හේතුවෙන් කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (10) දින පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
ඒ අනුව, අද උදෑසන 8.30 සිට පස්වරු 6.30 දක්වා කාලය තුළ කළුතර, වාද්දුව, මතුගම, බේරුවල, අළුත්ගම සහ පයාගල යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ලැබේ.
















