මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවක් ජූලි මස 16 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (10) නියම කළේය.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මී සිංගප්පුලි මහතා හමුවේ කැඳවනු ලැබූ අතර, එහිදී විත්තිකරුවන් වන යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන අය අධිකරණයේ පෙනී සිටියහ.
















