වැලිගම පොලිස් වසමේ, ගාල්ල – මාතර ප්රධාන මාර්ගයේ පෑලන ප්රදේශයේදී ඊයේ (09) දහවල් සිදු වූ රිය අනතුරකින් වෑන් රථ රියැදුරෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථය මාතර දෙසට ධාවනය වෙමින් තිබූ අතර, එහි රියැදුරුට නින්ද යාම හේතුවෙන් රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි කැබ් රථයක ගැටී ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ වෑන් රථ රියැදුරු මුලින්ම ගාල්ල රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්රතිකාර සඳහා මාතර රෝහලට මාරු කර යවා ඇති අතර, එහිදී ඔහු මියගොස් ඇත. මියගිය පුද්ගලයා 55 හැවිරිදි වැලිගම ප්රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුරට සම්බන්ධ කැබ් රථයේ රියැදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, වැලිගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















