කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියකට අදාළව, හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා නිල වශයෙන් සැකකරුවෙකු ලෙස නම් කර තිබේ.
මෙම පැහැරගැනීම් සහ අතුරුදහන් කිරීම් සිදු කර ඇත්තේ කප්පම් ලබා ගැනීමේ අරමුණින් බවට චෝදනා එල්ල වී ඇත. මෙම සිද්ධි මාලාව වාර්තා වී ඇත්තේ 2008 සහ 2009 වසරවලදීය.
අදාළ නීතිමය කටයුතු සඳහා එළඹෙන ජූලි මස 27 වැනි දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අධිකරණ නිලධාරීන් විසින් ඔහු වෙත දැනුම්දීමක් (Notice) නිකුත් කර තිබේ.
















