ශ්‍රී ලංකාවේ පොල් ලෙලි සැකසුම් යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහ කාර්මික ඉංජිනේරු ක්ෂේත්‍රයට සිදු කළ සුවිශේෂී දායකත්වය අගයමින් ‘ඩයමන්ඩ් ඉංජිනියර්ස් (පෞද්) සමාගම’ ප්ලැටිනම් එක්සලන්ස් (Platinum Excellence) සම්මානයෙන් පිදුම් ලබා තිබේ.
වාරියපොළ මූලස්ථානය කරගෙන ක්‍රියාත්මක වන මෙම සමාගම, පොල් ලෙලි සැකසුම් සහ කොහුබත් කර්මාන්තයට අදාළ යන්ත්‍රෝපකරණ නිෂ්පාදනයේ විශේෂඥතාවක් දරන ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකේය සමාගමකි.
ඩයමන්ඩ් ඉංජිනියර්ස් නිෂ්පාදන පරාසයට Coconut Husk Chipping Machines, Coco Coir Machines, Coconut Husk Separator Machines, Wastage Machines සහ Sieve Machines ඇතුළත් වේ. මෙම සමාගම සිය නිෂ්පාදන දේශීය වෙළෙඳපොළට පමණක් සීමා නොකර ඉන්දියාව, ඉන්දුනීසියාව, මැඩගස්කරය, පිලිපීනය, කෙන්යාව, බ්‍රසීලය, තායිලන්තය සහ මාලදිවයින වැනි රටවල් රැසකට අපනයනය කරයි.
සාර්ථකත්වයට හේතු
ඉංජිනේරු නිරවද්‍යතාව, මෙහෙයුම් විශ්වාසනීයත්වය, අවම නඩත්තු අවශ්‍යතා සහ පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි යන්ත්‍රෝපකරණ සැකසීම මෙම සමාගමේ සාර්ථකත්වයට ප්‍රධාන හේතු වී ඇත. පොල් ආශ්‍රිත කර්මාන්තවල ඵලදායීතාව ඉහළ නැංවීමට සහ අපද්‍රව්‍ය අවම කිරීමට සමාගම දක්වන දායකත්වය අතිමහත්ය.
මෙම සම්මානය තම කාර්ය මණ්ඩලයේ කැපවීම සහ උසස් ප්‍රමිතිය පිළිබඳ ලැබුණු පිළිගැනීමක් බව කළමනාකාරිත්වය පවසයි. තිරසාර සහ පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රමවේද ඔස්සේ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාව නියෝජනය කරන ප්‍රමුඛතම කාර්මික ඉංජිනේරු සන්නාමය බවට පත්වීම ඔවුන්ගේ ඉදිරි ඉලක්කය වේ.
















