මාවනැල්ල පොලිස් වසමේ මාකඩවර හන්දිය ප්‍රදේශයේදී අද (ජූනි 10) අලුයම සිදුවූ රිය අනතුරකින් 69 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මහනුවර සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ කැබ් රථයක මාර්ගය හරහා ගමන් කළ මෙම කාන්තාව ගැටී ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ ඇය මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
මරණකාරිය ගනේතැන්න, හිඟුල ප්‍රදේශයේ පදිංචිකාරියකි. අනතුර සිදු කළ කැබ් රථයේ රියදුරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, මාවනැල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
















