දකුණු පළාත් හිටපු මහ ඇමතිවරයෙකු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ශාන් විජයලාල් ද සිල්වා මහතා ජූනි 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අද (ජූනි 10) උදෑසන ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේදී ඔහු එම කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ශාන් විජයලාල් ද සිල්වා මහතාට එරෙහිව ප්‍රසම්පාදන ක්‍රමවේද උල්ලංඝනය කිරීමේ සහ රජයට පාඩු සිදු කිරීමේ චෝදනා එල්ල වී තිබේ. 2019 වසරේදී රුපියල් මිලියන 16.5ක මන්ත්‍රී ප්‍රතිපාදන යොදාගෙන පළාතේ ස්වේච්ඡා සමිති සඳහා පුටු මිලදී ගැනීමේදී, නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව තෝරාගත් නිෂ්පාදන ආයතනයකට වාසියක් ලබා දීම සහ එලෙස මිලදී ගත් පුටු 16,361ක් පළාත් සභා මන්ත්‍රීවරුන් 54 දෙනෙකුගේ නිවාස සහ කාර්යාල වෙත ප්‍රවාහනය කර භාරදීමට කටයුතු කිරීම මගින් රජයට මූල්‍යමය පාඩුවක් සිදු කිරීම යන කරුණු මීට ඇතුළත් වේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.















