වැලිකන්ද, වඩමුණේ රක්ෂිතයේ ජීවත් වූ ඇතෙකු අමානුෂික ලෙස මරා දමා, එහි දළ යුගලය විකිණීමට උත්සාහ කළ පුද්ගලයෙකු වැලිකන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට ලද රහසිගත තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර, එහිදී සැකකරු සන්තකයේ තිබී ඇත් දළ දෙක ද පොලිස් භාරයට ගෙන ඇත. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු විසින් මෙම ඇතාව උපක්‍රමශීලීව මරා දමා, අනතුරුව එම සිරුර පුළුස්සා දමා ඇති බවයි. සිරුර දිරාපත් වීමෙන් පසු ඉතා සූක්ෂම ලෙස දළ යුගලය ගලවාගෙන ගොස් විකිණීමට මොහු උත්සාහ කර ඇත.
වනජීවී සම්පත්වලට එරෙහිව සිදු කළ මෙම බරපතළ අපරාධය සම්බන්ධයෙන් වැලිකන්ද පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
















