පරිත්‍යාගශීලිත්වය අතින් මෙරටට විශාල ගෞරවයක් ගෙන දෙන සියලුම රුධිර පරිත්‍යාගශීලීන්ට සහ රුධිර කඳවුරු සංවිධානය කරන්නන්ට සමස්ත ජාතියේම ගෞරවය හිමිවිය යුතු බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පෙන්වා දෙයි. එළඹෙන ජූනි 14 වනදාට යෙදෙන ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය (World Blood Donor Day) පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද (10) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍යවරුන් මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ රුධිර අවශ්‍යතාව වෙනුවෙන් 100%ක්ම ස්වේච්ඡා රුධිර පරිත්‍යාගශීලීන්ගෙන් රුධිරය ලැබීම ජාත්‍යන්තර වශයෙන් ද ඇගයීමට ලක්වන කරුණක් බව මෙහිදී අවධාරණය කෙරිණි.
















