මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධ ජලනළ විතැන් කිරීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (ජූනි 11) රාත්‍රී 7.00 සිට හෙට (ජූනි 12) උදෑසන 7.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.
මෙම ජල සැපයුම අත්හිටුවීම බලපාන ප්‍රදේශ පහත පරිදි වේ:
මහර ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත්: ඇල්දෙණි, ගෝනහේන, වෑබඩ, සූරිය පාළුව සහ උඩුපිළ යන ග්‍රාම සේවා වසම්.
ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත්: පරකන්දෙණිය, කොස්සින්න, ඇබ රළුව, ඉඹුල්ගොඩ සහ යාගොඩ යන ග්‍රාම සේවා වසම්.
අත්‍යවශ්‍ය කටයුත්තක් වන බැවින් ජලය කල්තියා ගබඩා කර ගන්නා ලෙස ජල සම්පාදන මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
















